TNA ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හමුවීමට තීරනය කරයි.
දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම හා දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හමුවීමට තීරණය කර තිබෙනවා. ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්ද එක් වීමට නියමිතයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඉකුත්දා කළ ප්‍රකාහය සම්බන්ධයෙන් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කරන බව දෙමළ සන්ධානය ප්‍රකාශ කරයි. ඒ අනුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් කර ඇති ප්‍රකාශය පිළිබඳ කාරුණිකව නැවත සළකා බලන ලෙස මෙහිදී ඉල්ලා සිටීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. දෙමළ ජනතාවගේ අභිලාශය වන්නේ සියලූ ජනතාවට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම බවයි ඔවුන් පවසන්නේ.