කැබිනට් අනු කමිටුව අද උමා ඔය ක්ෂේත්‍ර අධ්‍යයනයක
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද(03) දිනයේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකිරීමට නියමිතව තිබේ. උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල නගරය ගිලා බැසීමේ අවදානම මෙන්ම ඒ ආශ්රිත ප්‍රදේශවල පවතින ජල ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, විජිත් විජයමුණි ද සොයිසා යන අමාත්‍යවරුන්ගෙන් කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.
ඔවුන් අද(03) දිනයේ බණ්ඩාරවෙල නගරයට ගොස් උමාඔය ව්‍යාපෘතිය පිළිබද කරුණු අධ්‍යයනය කිරීමට නියමිත බව වාර්තා වෙයි. උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය සහ එමගින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සොයා බැලෙනු ඇත. විශේෂයෙන් ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ඇතිව උමාඔය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ඊයේ පැවැති මාධ්‍ය හමුකදී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා සංවිධානය පවසා සිටියේ මෙම කැබිනට් අනු කමිටුව පිළිබඳ කිසිඳු විශ්වාසයක් නොමැති බවයි. එම නිසා මේ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ද ඔවුන් සඳහන් කර සිටියේය.