වෛද්‍යවරු යළිත් වර්ජනයකට සැරසෙයි – ජනපති ලේකම්ගේ නිවේදනයට GMOA විරෝධය
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ තමන් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස්කර මාධ්‍යයට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම කරුණු නිවැරදි නොකරන්නේ නම් යළි වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ.
එම සංගමයේ විධායක සභාව රැස්වීමෙන් පසු අද(26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එම කරුණු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරුණි. ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු කිහිපයක් ඒ ආකාරයෙන්ම අදාළ නිවේදනයේ දක්වා තිබුණ ද ඇතැම් කරුණු කිසිසේත් එකඟ නොවූ සහ අළුත් කරුණු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස් කළේ කවුරුන්ද යන්න පිළිබදව ජනාධිපති ලේකම්වරයා විසින් පැහැදිළි කළ යුතු බව එම සංගමය ප්‍රකාශ කළේය.