යාපනය පලෙයි ප්රදේශයේදී පොලිස් රථයට වෙඩි තැබූ සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගියදා යාපනය පලෙයි ප්රදේශයේ දී පොලිස් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්රස්ත විමර්ශන ඒකකය විසින්. යාපනය, උරුම්පිරායි ප්රදේශයේ පදිංචි විසි නව හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි යාපනය ආරක්ෂක අංශ සඳහන් කරයි.
යාපනය, පලෙයි, කච්චාර්වේල් ප්රදේශයේ දී පොලිස් මෝටර් රථයකට ඉකුත්දා මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා. ටී – 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කළ බවටයි ආරක්ෂක අංශ සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්රශ්න කිරීම් සිදු කරන බව යාපනය ආරක්ෂක අංශ සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.