ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

චීනයේ බිජිං අගනුවර දූවිලි කුණාටුවක් නිසා ජන ජීවිතයට බාධා

දූවිලි කුණාටුවක් හේතුවෙන් චීනයේ බීජිං ඇතුළු ප‍්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කර ඇත.මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බිජිං අගනුවර ඇතුළු එරට උතුරුදිග ප‍්‍රදේශවලටය.

චීනයේ වායු දූෂණය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබුණි. එහි තවත් අහිතකර ප‍්‍රතිඵලයක් ලෙස මෙම දූවිලි කුණාටුව හටගන්නට ඇති බවට විශ්වාස කෙරේ.

පවතින තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවල වැසියන්ට එළිමහන් කි‍්‍රයාකාරකම්වලින් වැළකී ගෘහස්ථව සිටින ලෙසට චීන බලධාරීන් දැනුම් දී තිබේ. මෙම තත්ත්වය මත එරට ගුවන් ගමන් රැසක් ද ප්‍රමාද හෝ අවලංගු කිරීමට සිදුව ඇති බව ද වාර්තා වේ