ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රජයේ වනාන්තර වල පස්,කළු ගල්,බොරළු හා වැලි කැණීමට යහපාලනයේ අනුමැතිය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් රජයේ වනාන්තර වල පස්,කළුගල්,බොරළු හා වැලි කැණීමට නීති විරෝධීව කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පරිසර සංරක්ෂණ භාරය පෙන්වා දෙයි.එහි අධ්‍යක්ෂ පරිසරවේදී සජීව චාමිකර මහතා පවසන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අංක 08/2017 දරන කැබිනට් පත්‍රිකාව මඟින් පසුගිය 21 වැනි දින ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

“2009 වසරේ යුද්ධය නිම වීමෙන් අනතුරුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල මාර්ග පද්ධති සකස් කිරීම සහ ඉදිකිරීම් කටයුතු සඳහා පස් හා කළු ගල් මහා පරිමාණයෙන් රක්ෂිත වනාන්තර විනාශ කර ලබා ගැනීම සිදු වුණා.මේ නිසා පසුගිය කාලයේ උග්‍ර ජල හිඟයකට එම ප්‍රදේශ වල ජනතාව මුහුණ දුන්නා.මේ කැබිනට අනුමැතියත් සමඟ මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්.මේ වන විට හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස පවතින මහවැලි අධිකාරියට අයත් වනාන්තර වල මහා පරිමාණයෙන් කළු ගල් හා පස් කැණීම් කටයුතු සිදු වෙනවා.හම්බන්තොට ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උත්සන්න වෙන්න එය හේතුවක් වෙලා තියෙනවා.

මෙම අමුද්‍රව්‍ය වල‍ට අධික ඉල්ලුමක් පවතින හෙයින් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මෙම ද්‍රව්‍ය ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.රක්ෂිත ලෙස ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් නොකළ විශාල වනාන්තර ප්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බව චාමිකර මහතා කියා සිටියි.මෙම වනාන්තර ජල පෝෂක ප්‍රදේශ,අලි – ඇතුන් ඇතුළු ආවේණික ජෛව ප්‍රජාවගේ වාසස්ථාන හා පුරා විද්‍යාත්මකව වටිනා ප්‍රදේශ ලෙස වැදගත්කමක් පවතින බවද සජීව චාමිකර මහතා පවසයි.