“සයිටම් ප්‍රමිතිය අන්තිමයි” – කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලාල් ජයකොඩි
සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප්රශ්නය මේ වන විට මෙරට සමාජ තලයේ බෙහෙවින්ම කතාබහට ලක්වන්නකි. මෑත කාලීනව සෞඛ්‍ය ක්ෂේත්රය හා අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධව විද්වත් සමාජය තුළ මෙම සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව පුළුල් ලෙස කතාබහට ලක්වෙමින් පවතී.
පෙර කී ප්රශ්නය අරඹයා නිශ්චික ප්‍රතිපත්තිමය විසඳුම්වලට එළැඹීමේ දී මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රය හා සම්බන්ධ ප්රවීණතමයන්ගේ අදහස්වලට වඩා ප්රමුඛ අවධානයක් යොමු කළ යුතුය. එවන් විද්වත් අදහස් වඩා විමර්ශනශීලී ලෙස සමාජගත කිරීමේ අරමුණින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙරට වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ඡේ්යෂ්ඨයකු වන කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ ඡේ්‍යෂ්ඨ මහාචාර්ය ලාල් ජයකොඩි මහතා සමඟ කළ සංවාදය පහතින් පළවේ.
ප්රශ්නය – වර්තමාන රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන “සයිටම්” ප්රශ්නය ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර – “සයිටම්” ආයතනය කියන්නේ පසුගිය අවුරුදු 7,8 තිස්සේ යම් යම් ප්‍රශ්න ගෙනල්ල දුන්න ආයතනයක්. දැන් මේ ප්රශ්නය සෑහෙන්න උඩු දුවලා තියෙන්නේ, විශේෂයෙන්ම මේ ළඟදී දුන්න නඩු තීන්දුවත් එක්ක. මම දකින විදියට “සයිටම්” ආයතනයේ ප්රශ්නයයි, ලෝකයේ අනෙක් දියුණු රටවල පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයයි කියන දෙක වෙන්කර ගන්න වෙනවා. ඊට පස්සේ වර්තමානයේ විශාලතම ප්රශ්නය වෙන “සයිටම්” ආයතනයේ ප්රශ්නය විසඳ ගෙන, මේ රටට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැළපෙනවා කියල බලන්න වෙනවා.
සයිටම් ආයතනය 2011 වසරේ දී ළමයි 300 කුත්, 2012 වසරේ දී ළමයි 446 කුත් වසරකට කණ්ඩායම් 2 බැගින් බඳවගෙන තිබෙනවා. ඉතින් ඒ වගේ විශාල බඳවා ගැනීම් බැලුවම ඒ තත්ත්වය කිසිසේත්ම අලුතින් පටන්ගත් ආයතනයකට ගැළපෙන්නේ නැහැ. අපේ රජයේ වෛද්‍ය පීඨ ගත්තම ඒවායේ වසරකට වෛද්‍ය පීඨ 8 කටම බඳව ගන්නේ ළමුන් 1100-1200 අතර සංඛ්‍යාවක් පමණයි. කොළඹ වෛද්‍ය පීඨය ඒ අතරින් ළමයි 200-210 ක් අතර සංඛ්‍යාවක් පමණයි බඳවා ගන්නේ. ඉතාමත් විශාල සහ පරිපූර්ණ ආචාර්ය මඬුල්ලක් ඉන්න කොළඹ වෛද්‍ය පීඨය පවා එහෙම කරන්නේ ළමයින්ට දේශන විතරක් මදි, ඔමඑදරස්කි, sප්කක ටරදමච dසිජමිsසදබි වගේ කුඩා කණ්ඩායම් වැඩවලින් වැඩි අත්දැකීමක් ලැබෙන නිසයි. ඉතා විශාල සංඛ්‍යාවක් බඳවා ගත්තම මේවා හරියට කරන්න බැහැ. මේ වගේ විශාල සංඛ්‍යාවකට කොහොමද සායනික පුහුණුව දෙන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ ඇරෙන්න “සයිටම්” ආයතනයේ සායනික පුහුණුවට හදපු නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉතාමත් මෑතක දී හදපු එකක්. ශික්ෂණ රෝහලක් ගත්තම තියෙන්න ඕන දෙයක් තමයි ඉංග්‍රීසියෙන් අපි කියන ,ඊed ධජජමච්බජහ Raඑසද, ඒ කියන්නෙ ඇඳවල් වලින් කීයක ලෙඩ්ඩු ඉන්නවද කියන දේ. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මේ අගය ශික්ෂණ රෝහලකට කිසි සේත්ම ප්‍රමාණවත් නැහැ.
අපේ රජයේ වෛද්‍ය පීඨ ගත්තම ඒවායේ ශිෂ්‍යයෝ විශාල රෝගීන් සංඛ්‍යාවක් හැම ලෙඩකට ම අදාළව පරීක්ෂා කරල බලලා තමයි ඉගෙන ගන්නේ. ඉතින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩ්ඩු නැති නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ළමයි ඉගෙන ගන්නෙ කොහොමද කියලා. මම අවුරුදු 2 ක් රජරට වෛද්‍ය පීඨයේ වැඩ කරලා තියෙනවා. එතකොට ඒ පීඨයේ ආචාර්යවරුන්ගේ හිඟයක් තිබුණා. නමුත් ඒ ළමයින්ට පරීක්ෂා කරලා ඉගෙන ගන්න ප්‍රමාණවත් තරම් ලෙඩ්ඩු හිටියා.
මොකද වෛද්‍යවරයකුගේ ගුණාත්මක බව ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ ඔහු ලබන සායනික පුහුණුවෙන්. ඉතින් කොළඹ වෛද්‍ය පීඨයේ අවුරුදු 28 ක් උගන්වපු ගුරුවරයෙක් විදියට සයිටම්හි ඉගෙන ගන්නා ළමයි බැලුවම මට නම් මේ ළමයින්ගේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධව මූලික අධ්‍යාපනය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ.
අපි වෛද්‍යවරු පුහුණු කරන කොට ඒ අයට හොඳ එර්සබසබට ජදමරිe එකක් දීලා ඊට පස්සේ විභාගයක් තියලා පරීක්ෂා කරනවා. විභාගය වැදගත්. හැබැයි මට නම් හිතෙන්නේ වඩාත් වැදගත් වෙන්නෙ එර්සබසබට ජදමරිe එක. ඒ නිසා අපි ඒක තමයි බලවත් කරන්න ඕන. මොකද ඒකෙන් තමයි ශිෂ්‍යයන්ට ගුණාත්මක බව දෙන්නෙ. එහෙම නැතුව තමන් දැකල වත් නැති ලෙඩකට ළමයි කවදහරි කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නත් එක්ක සයිටම් ආයතනයේ මේ ක්‍රමය ගැන මට නම් සෑහීමකට පත් වෙන්න බැහැ. කොහොම හරි දැන් මේ ප්රශ්නය සෑහෙන්න දුර ගිහිල්ල තියෙන්නේ. ඒ නිසා මම දකින්නේ මේ ප්‍රශ්නයට ඉක්මනට විසඳුමක් දෙන්න ඕන.
ප්රශ්නය – මේ ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තුවෙන් මේ වෙන කොට වෛද්‍ය පීඨ 8 ම ශිෂ්‍යයෝ තමන්ගේ අධ්‍යයන කටයුතුවලින් බැහැර වෙලා පන්ති වර්ජනයක නිරත වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ අදහස මොකක්ද?
පිළිතුර – මේ ප්රශ්නය ඉස්සර ඉඳන්ම ශිෂ්‍යයෝ ඉදිරිපත් කළා. නමුත් ඇත්තටම බලධාරීන් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න උත්සාහයක් ගන්නේ නෑ කියන එකයි මගේ අදහස. දැන් මේ උසාවි තීන්දුවට පස්සේ ප්රශ්නය උච්ච අවස්ථාවකට පත් වෙලා මේ ළමයි පාරට බැහැලා. ඇත්තටම මේක රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ සමස්ත රටටම විශාල පාඩුවක්. ඊළඟ වසරේ සීමාවාසික පුහුණුවට වෛද්‍යවරු හිඟවීම හා රටට ආර්ථික වශයෙන් විශාල පාඩුවක්. මොකද මේ ගෙවන හැම දවසක් ගානෙම ආචාර්ය මණ්ඩලයට හා සේවක මණ්ඩල වලට රජයේ වැටුප් ගෙවන්න ඕන, ඒ අය සේවය නොකරම. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජය ඉක්මනට මේ ගැටලුවට විසඳුමක් ලබා දේවි කියලා. හැබැයි එහෙම කියලා තත්ත්වයෙන් දුර්වල වෛද්‍යවරු එළියට දාන්න කටයුතු කළොත් ඒක මහජනතාවට ප්‍රශ්නයක්. ඒක තමයි මම දකින වැදගත්ම කාරණය. ඉතින් මේ ප්රශ්නය උච්ච තැනකට ඇවිල්ල තියෙනවනේ. ඒ නිසා අපි මේකට විසඳුමක් දෙද්දී බලන්න ඕනේ මොකක් හරි විසඳුමක් දෙන්න නෙමෙයි, මේ ගන්න තීරණ ගන්න ඕන ඒවා අනාගතයේ දී සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන්නේ කොහොමද කියලා විමසා බලලා. අපේ වෛද්‍යවරුන්ට ලෝකයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ අය ලෝකයේ දියුණු රටවලට ගිහිල්ලා ඉතාමත් පහසුවෙන් සේවය කරනවා. අපේ වෛද්‍යවරු ලෝකයේ අයත් වන්නේ saෙe dදජඑදර කියන ජ්එeටදරහ එකට. ඒ නිසා ඒක නැති වුණොත් ලොකු පාඩුවක්. බලධාරීන් ඒක ආරක්ෂා කර ගන්න වග බලා ගන්න ඕන. මම හිතන්නේ ඒ විසඳුම තුළ සයිටම් ළමයින්ටත් සාධාරණයක් වෙන්නත් ඕන. මොකද මොකක් හරි විදියකින් ඒ ළමයි දැන් මේ ප්‍රශ්නෙට මැදිවෙලා ඉන්නේ. හැබැයි තීරණ ගද්දී මේ රටේ රජයේ හෝ පෞද්ගලික අංශයේ ඕනෑම තැනක ප්‍රමිතිය කියන දේ ආරක්ෂා වෙන විදිහේ තීරණ ගන්න ඕන. ප්‍රමිතිය කියන දේ අත්‍යවශ්‍යයි.
ප්රශ්නය – දැන් නඩු තීන්දුව හරහා වෛද්‍ය සභාවට බලපෑම් එල්ල වෙලා තියනවා. එහෙම තත්වයක් තියෙද්දීත්, මේ වෛද්‍ය ක්ෂේත්රයට සම්බන්ධ “සයිටම්” වගේ ආයතනවල ප්‍රමිතිය පවත්වා ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?
පිළිතුර – ලංකාව ඇතුළේ අධ්‍යාපන ආයතනවල ගුණාත්මක බව ගැන බලන්න නිදහස් ආයතන ඕන. ඒ කියන්නෙ ඒවා ස්වාධීන වෙන්න ඕන. වෛද්‍ය අධ්‍යාපනයෙදි ඒ දේ ඉටු කරන්නෙ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. ඉතින් ඒ නිසා ඒ කාරණය හරි ආකාරව කරගෙන යන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බලය දෙන්න ඕන. බලධාරීන් ඒකට අදාළ නීති සම්පාදනය කරලා, වෛද්‍ය සභාවට නීතිමය ලෙස බලපාන සේවක දායකත්වය ආදිය ලබා දෙන්න ඕන. නමුත් “සයිටම්” ආයතනයේ ප්‍රශ්නයෙදි, ඒක මුල ඉඳන් ම ප්‍රධාන මූලධර්ම කඩල තියෙන්නෙ. ඒ හින්දා ඒකට ළමයි ඇතුළත් කරන්නෙ කොහොමද? සංඛ්‍යාවල් මොනවද? ගෙවීම් කරන්නෙ කොහොමද? කියන දේ හරියටම නියාමනය වෙන්න ඕන.
ප්රශ්නය – ලංකාව වගේ රටකට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැලපෙනවද?
පිළිතුර – ඒක මම දකින්නෙ මෙහෙමයි. පුද්ගලික අධ්‍යාපනය ගත්තහම ඒකෙ තියෙන්න ඕන අධ්‍යාපනය ලබා දීම හා ලාභ ලැබීම අතර තුලිතතාවයක්. දැන් බොහොමයක් දියුණු ලෝකයේ රටවල් ගත්තහම, ඒ කියන්නෙ එංගලන්තය, ඕස්ටේ්රලියාව වගේ රටවල් වල, ඒ අය වැය වන වියදම පමණක් අය කරලා ලාභ නො ලබන ආකාරයේ පුද්ගලික වෛද්‍ය පීඨ පවත්වා යනවා.
ඒවා එහෙම්පිටින්ම ලාභ ලබන ආයතන නෙවෙයි. නමුත් දියුණු වෙන ලෝකයේ රටවල් බැලුවාට පස්සෙ, ඒ කියන්නෙ ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල්වල ඒ වගේ ලාභ ඉපයීමට වෛද්‍ය විද්‍යාල පවත්වා ගෙන යනවා. ඒ නිසාම ඒ ආයතනවල ගුණාත්මක භාවය හරියාකාර ව නියාමනය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ රටවල සෞඛ්‍ය ක්ෂේත්රයේ කඩාවැටීමකුත් අපට දැක ගන්න පුළුවන්. තුන් වන ලෝකයේ ගොඩක් රටවල ඔය නියාමනය නැහැ. නමුත් මගේ පෞද්ගලික අදහස තමයි, දිස්ත්‍රික් පදනම නිසා වගේ කාරණාවල දී අසරණ වෙන ළමයින්ටවත්, පිරිවැය පමණක් ගෙවලා යන්න පුළුවන් ආයතන තියනවනම් හොඳයි කියන එක.
ප්රශ්නය – මේ දිස්ත්‍රික් පදනම කියන ක්‍රමය පටන් ගත්තෙ 73/74 කාලේ. ඒ වගේම ඒ කාලෙ වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අවම සුදුසුකම විදියට S3 නිර්ණය කරනවා. නමුත් වර්තමානය හා ගැළපෙන විදියට රජය මේ දේවල් යාවත්කාලීන කරලා නෑ නේද?
පිළිතුර – ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපි වගේ රටක් බැලුවම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ප්‍රමාණය 15% කටත් වඩා අඩුයි. සමස්තයක් විදියට ගත්තහම, විශ්වවිද්‍යාලයකට ඕන අවම මට්ටම කියන එක පල්ලෙහා තියා ගන්න පුළුවන්. නමුත් ඒකෙන් කියවෙන්නෙ නැහැ වෛද්‍ය පීඨවලට වර්තමානයේ S3 ලබාගත් සිසුන් ඇතුළු වෙනවා කියන එක. වර්තමානයේ වෛද්‍ය සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල බැලුවම අපිට ඒක හොඳට පේනවා. විශ්වව්ද්‍යාල ප්‍රවේශයට අවම මට්ටම තීරණය කරන විට අදාළ ආයතනවලට වෙන වෙනම අවම මට්ටම තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට වෛද්‍ය විද්යාවටවලට එහෙම කරන්න පුළුවන්.
දැන් හැම දෙයක් දිහා බැලුවම පැති දෙකක් තියනවා, හොඳ පැත්ත සහ නරක පැත්ත කියලා. යම්කිසි කාලයක් ගිහින් පැරසඑ වලින් ගන්න ප්‍රමාණය ක්රමාණුකූලව වැඩි කරන්න ඕන. නමුත් ඒක එහෙම වුනේ නැහැ. එනිසා මගේ අදහස මේක වෙනස් කරන්න ඕන. හැබැයි තාමත් රටේ සම්පත් අඩු දිස්ත්‍රික්ක තියනවා. ඒ නිසා අනිවාර්යයෙන් ඒ ගැන සලකා බලන්න ඕන. ඔය කියන තුළනය කාලයට ගැලපෙන්න පවත්වා ගැනීම තමයි වැදගත්.
ප්රශ්නය – වර්තමානයේ අධ්‍යාපනයට වෙන් කරන මුදලත් රජය මගින් කපා දමන සමයක මේ වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතන නිසා රජයේ වෛද්‍ය පීඨ කඩා වැටීමේ අවදානමක් තියනවා නේද විශේෂයෙන්ම ආචාර්යවරු පෞද්ගලික වෛද්‍ය ආයතනවලට යැමේ අවදානමක්?
පිළිතුර – අවස්ථා තියනකොට පහසුකම් අනුව ගුරුවරු යයි. ඒක වළක්වන්න බැහැ. ඒකට ඒ අයට නිදහස තියනවා. ඒ හරහා රජය අලුතෙන් ආරම්භ කළ රජරට වගේ වෛද්‍ය පීඨවලට ආචාර්යවරු හිඟවීමේ අවදානමක් තියනවා කියලා මට හිතෙනවා.
ප්රශ්නය – මෙම ප්‍රශ්නවලට ඉක්මන් විසඳුමක් දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්¨යවරු වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමක් අපි දුටුවා. වෘත්තිකයන් හා ආචාර්යවරුන් ලෙස ඔබතුමන්ලා මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා ද?
පිළිතුර – අපේ ආචාර්ය මඩුල්ලෙත් තියනවා වෘත්තීය සමිතියක්. මේ ප්‍රශ්නයේදි ආචාර්ය මඬුල්ල එක ස්ථාවරයක ඉන්නවා. වෛද්‍ය සිසුන් ඔර්de මබසදබ aජඑසදබ කරනවා වගේ ආචාරයවරුන්ට එක පාරටම පාරට බහින්න අමාරුයි. හැබැයි ඒක විතරක් නෙවෙයි, වෙන ක්‍රම තියනවා. උදාහරණයක් විදියට සාකච්ඡා කිරීම්, සම්මන්ත්රණ වගේ දේවල්. මම හිතන්නේ දැනුවත් කිරීම් වගේ දේවල් ඉතාමත් වැදගත්. හැබැයි මෙම ප්රශ්නයේ ඉදිරි තත්වය මත යම්කිසි අවස්ථාවක් ආවොත් ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය නිවැරදි තීරණයක් ගනියි කියලා මම හිතනවා. ඒ වගේම අපි මේ ප්‍රශ්නයට ඉක්මන් සාර්ථක විසඳුමක් බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය – “සයිටම්” ප්‍රශ්නයට ඔබතුමා දකින විසඳුම කුමක් ද?
පිළිතුර – මෙහෙමයි, “සයිටම්” එක තුළ ඉගෙන ගන්නා සිසුන් වෙන වෙනම සලකා බැලිය යුතු වෙනවා. ඒ කියන්නේ දැනට අධ්‍යයන කාල සීමාව නිම කළ සිසුන් වෙනමත් අනෙකුත් එක් එක් අධ්‍යයන කාල සීමාවල සිටින සිසුන් වෙනමත් සලකා බැලිය යුතු වෙනවා. කුමක් නිසාද යත් අධ්‍යයන කටයුතු අවසන් වී සිටින සිසුන්ගේ ප්‍රධානතම ගැටලුව වන්නේ සායනික පුහුණුව හිඟ වීමයි. නමුත් අනෙක් වසරවල සිසුන්ගේ විශාල බඳවා ගැනීම් නිසා ඔවුන්ගේ සාමාන්‍ය අධ්‍යන කටයුතු පිළිබඳව ද ගැටලු පවතිනවා. එබැවින් එම ළමුන්ට ද සාධාරණයක් වන අයුරින් රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මකභාවයද ආරක්ෂා වන අයුරින් නිවැරදි තීන්දුවක් රජය විසින් ගත යුතුයි.
සංවාදය මෙහෙයවීම ;
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව