ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගේ ලොකු අයියා චමල් සාගල එක්ක දකුණේ බැහැලම වැඩ..!

හම්බන්තොට වරාය ආශ්‍රිත සංවර්ධන කලාපයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජාවක් ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අතර ඒ සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සහභාගි වී සිටිනු දක්නට ලැබුණි. මහින්ද පිල හම්බන්තොට ඉඩම් පවරාගැනීමට හා වරාය විකිනීමට විරෝධය පලකලද චමල් රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරාවට යහපාලන ආණ්ඩුව සමග එම කටයුතු වලදී එක්ව කටයුතු කිරීම කැපී පෙනුනි.

මෙම සාකච්ජාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද සිටියහ.

එහිදී අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා ‘හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත කලාපය සදහා පසුගිය රජය සමයේ වෙන් කර, දැනට නිරවුල් කරගෙන ඇති ඉඩම් සහ ජනාවාස අඩු ප්‍රදේශවලින් අවශ්‍ය ඉඩම් පහසුකම් සපුරාගැනීම වඩාත් යෝග්‍යයි. එසේම ඉදිරියේදී අවශ්‍ය උවහොත් සංවර්ධනය සදහා යොදාගන්නා ප්‍රදේශවල ජනතාවට පවතින නිවාසවලට වඩා හොඳ නිවාස සහ ඉඩම් ලබාදීමට ඇති හැකියාව විමසා බලනවා. ඒ අනුව ජනතාවට හානියක් නොවන අයුරින් හම්බන්තොට කර්මාන්තපුරයේ කටයුතු කරනවා’ යනුවෙන් පැවසුවේය.