එම්.වී. බාලන් – එච්.එස්. පෙරේරා අද නික්මයයි.
අභාවප්රාප්ත ප්රකට චිත්රපට නිෂ්පාදක හා රංගන ශිල්පී එච්.එස්. පෙරේරාගේ අවසන් කටයුතු අද සවස 04.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුවිය.
ඉඳිආප්ප කතාව ලෙස පුංචි තිරයේ ප්රකට වූ හර්බට් රන්ජිත් පීරිස් අධ්යක්ෂණය කළ ‘හිරුට මුවාවෙන්’ ටෙලි නාට්යයේ නිෂ්පාදකවරයාද වූ එච්.එස්. පෙරේරා කලාකරුවා ‘නැවගිලුණත් බෑන්ඩ් චූන්’, ‘හොඳ හොඳ සෙල්ලම්’ හා ‘කම් ඕ ගෝ චිකාගෝ’ යන චිත්රපටවල නිෂ්පාදකවරයා ද වෙයි. ‘නොම්මර 17’, ‘උතුර දකුණු’, ‘දෙමෝදර පාලම’ හා ‘සක්කර සූත්තර’ චිත්රපටවල රංගනයේ යෙදුණු ඔහු මල් කුමාරි ගීතරාණිගේ පියාණන්ය.
මේ අතර අභ්රාවප්රාප්ත ප්රවීණ චිත්රපට අධ්යක්ෂ, චිත්රපට නිෂ්පාදක හා රංගන ශිල්පී එම්.වී. බාලන්ගේ අවසන් කටයුතු අද සවස 04.00 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුවිය.
1941 වසරේ මාර්තු 3 වැනිදා යටියන්තොටදී උපන් එම්.වී. බාලන් මහතා වනලිය (1958), අවිශ්වාසය (1959), සිහිනය (1959), කවට අන්දරේ (1960), පිරිමියෙක් නිසා (1960), සුවිනීත ලාලනී (1961), ගංතෙර (1961), සංසාරේ (1962), දීපශිඛා (1963), සුහද සොහොයුරෝ (1963), වෙන ස්වර්ගයක් කුමටද? (1963), සසරක හැටි (1964) යන සිංහල චිත්රපට වලට රංගනයෙන් දායක විය.
ගාමිණී ෆොන්සේකා ප්රධාන චරිතය රඟපෑ හිත හොඳ මිනිහෙක් (1975) චිත්රපටයේ අධ්යක්ෂ වූ ඔහු මගේ රන්පුතා (1978) චිත්රපටයේ නිෂ්පාදකවරයාද විය.