මහේන්ද්රන් බේරාගැනීමේ එජාප බලපෑම හමුවේ කෝප් කමිටු සභාපති නැගිටයයි….! [Exclusive]
අද(24) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කෝප් කමිටු රැස්වීම තෙවැනි දිනටත් ඉතා උණුසුම් ස්වභාවයක් ගත් අතර එජාපයේ මන්ත්රීවරුන්ගෙන් දිගින් දිගටම එල්ල වන බලපෑම් හමුවේ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා තම විරෝධය පළ කර කෝප් කමිටු රැස්වීමෙන් මීට සුළු මොහොතකට පෙර ඉවත්ව ගොස් ඇතැයි අපවෙත වාර්තා වේ.
දැනට වාර්තා වන අන්දමට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව තුල එකගතාවයක් ඇතිවී තිබියදීත් එජාප මන්ත්රීවරු ඉන් ඔබ්බටත් ගොස් විගනකාධිපතිවරයාගේ වාර්තාවේ අන්තර්ගත කරුණු පවා වෙනස් කිරීම සඳහා කෝප් කමිටු සභාපතිවරයාට බලපෑම් කර ඇත. විගනකාධිපතිවරයාගේ වාර්තාවක් කෝප් කමිටුවට එසේ වෙනස් කළ නොහැකි බවත් ඒ සඳහා තමා කිසි විටක මෙම කමිටුවේ සභාපති ධූරය දරමින් ඊට ඉඩ නොදෙන බවත් අවශ්ය නම් තාවකාලික සභාපතිවරයෙක් පත් කර එජාප මන්ත්රීවරුන්ට එම කටයුත්ත කරගන්නා ලෙස දැනුම් දෙමින් සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත්ව ගොස් ඇත.
Comments are closed.