ජනපති ඉදිරියේම කාන්තාවක් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ ‘රෙදි ගලවයි’..! – (VIDEO)
ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා බොරු පොරොන්දු දුන්නා යැයි ජනාධිපතිවරයාට කාන්තාවක් ඊයේ (19)මහියංගණෙ රිදීමාලියද්දේදී පැමිණිලි කළාය.”මෙයා නම් ගෙවල් හදලා දෙනවා කියලා පොරොන්දු වුණා. ඊට පස්සේ පැත්ත පළාතෙවත් ආවේ නෑ යෑයි කාන්තාව චෝදනා කළේය.
ජනහමුව අවසානයේදී ජනාධිපති ජනතාව අතරට ගිය විට කාන්තාවක ඇගේ දුක ජනාධිපති හමුවේ ඉදිරිපත් කර ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා එම සමීපයට යෑමත් සමඟ එම කාන්තාව එක්වරම ඇමැතිවරයාට චෝදනා කරන්නට වූවාය.
එවිට ජනාධිපති හා රැස්ව සිටි පිරිස උස්හඬින් හයියෙන් සිනාසුණහ. ලක්ෂ්මන් සෙනෙවිරත්න ඇමැතිවරයා මඳකට ඉවත්ව ගියේය. ඉන් අනතුරුව ජනාධිපති “ඇත්ත කියන්න එපැයි” යෑයි පවසා එම ගැටලුව විසඳන ලෙස නිලධාරීන්ට බාර කරන ලදී.
එම වීඩියෝව පහතින් නරඹන්න
Comments are closed.