පරාක්‍රම නිරිඇල්ල, රාජ්‍ය නාට්‍ය උළෙලේ විරෝධතාවට දිරිදෙයි..!
නාට්‍ය ක්ෂේත‍්‍රයට අප ප‍්‍රවිෂ්ට වූ දශක 40 ක කාලය පුරාම අප සියල්ලන්ම කළේ රජයෙන් ඉල්ලා සිටීම් සහ රජයට නෝක්කඩු කීම්ය. ඉන් ඔබ්බට ගොස් නොදෙන දේ සටන් කොට දිනා ගනිමුයැයි කොතරම් ඇවිටිලි කළත් අපේ නාට්‍යකරුවන් ඊට ඉදිරිපත් වූවේ නැත. 01 වැනිදා රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ විරෝධතා දැක් වූ සියලූම තරුණ නාට්‍ය කලාකරුවන්ට මගේ ගෞරවාචාරය පිරිනමමි.
තරුණ ඔබගේ මෙන්ම වියපත් වූ අපගේද පොදු සටනක් දක්වා එය වර්ධනය විය යුතුය. නැතිව අප ඉල්ලන කිසිවක් රිදී බන්දේසිවල තබා ඔවුන් ප‍්‍රදානය කරන්නේ නැත. සම්මාන උළෙලක් උජාරුවට, පෙනුමට කිරීමෙන් පමණක් අප සෑහීමකට පත් විය යුතු නැත.
නාට්‍ය උළෙලක් වසරක් පාසා පැවැත්වීමට වඩා නාට්‍ය ක්ෂේත‍්‍රයේ චිර පැවැත්මට අදාළ වන තවත් බොහෝ දේ සම්පූර්ණ විය යුතුය. කෙටි කාලීන අවශ්‍යතා දිනාගැනීමට මෙන්ම දීර්ග කාලීන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටද නාට්‍ය කලාකරුවන් පෙළ ගැසිය යුතුය.
දරුවනි, මමද ඔබ සියල්ලන් සමගය.
