ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්දගේ සීෂෙල්ස් සංචාර සදහා මිලියන100ක් වැයවීම ගැන පරීක්ෂණයක්..!

2013 හා 2014  වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සීෂෙල්ස් රාජ්‍යයේ සිදුකළ සංචාර දෙකක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 100ක් වැය කර ඇතැයි අනාවරණ වී තිඛෙනවා. සී ෂෙල්ස් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ 2013 වසරේ ඵලමු සංචාරය සදහා හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ වැඩිමල් පුතුවන නාමල්  රාජපක්ෂ මහතාද එක්ව ඇති බවයි. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 50 ක් බවයි පැවසෙන්නේ.

2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සංචාරය සදහා 97 දෙනකු එක් කර ගෙන තිබුණා. එම අවස්ථාවේදීයි සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කර තිබුණේ. ඊට සමගාමීව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුවේ ශාඛාවක්ද සීෂෙල්ස් හී පිහිටුවා තිබුනේ මෙම සංචාරයේදීයි. ඒ සදහා හිටපු ඇමති විමල් වීරවංශ මෙන්ම ඔහුගේ බිරිද වන ශෂී වීරවංශද එක් කරගෙන තිබුණා.

සී ෂෙල්ස් රාජ්‍යයේදී ඔවුන් වෙනුවෙන් වාහන 68 කුලී පදනම මත හා ජංගම දුරකථන 68ක් රජයේ මුදලින් මිලදී ගෙන ඇති බවයි ප්‍රකාශ වී ඇත්තේ. මෙම වියදම් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.