කතානායක අසුනේ වාඩිවීම වරදක් බව අරුන්දික පිලිගනී.

පාර්ලිමේන්තුවේදී ගැටුම්කාරී තත්ත්වයක් පැවති ඉකුත් නොවැම්බර් 16 වැනිදා තමන් කතානායක අසුනේ වාඩිගෙන සිටීම වරදක් නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු පවසා ඇත.

පෙරේදා (08) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කර ඇති අතර තමන් එය හිතා මතා නොකළ බව කී අරුන්දික ප‍්‍රනාන්දු මහතා තමන් කතානායක අසුනේ වාඩි ගන්නා විට පාර්ලිමේන්තුවේ කටයුතු ඇරඹී හෝ සෙංකෝලය තැන්පත් කර නොතිබූ බව ද සඳහන් කර ඇත. කෙසේ වෙතත් එය වරදක් නම් කණගාටු වන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති තානාපති වරප‍්‍රසාද යටතේ නියෝග දෙවැනිවර කියවීම පිළිබඳ විවාදයේදී එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

Image result for අරුන්දික ප‍්‍රනාන්දු