සුරූපී තරුණිය කොල්ලකෑමට පැමිණි කාඩ්බෝඩ් තුවක්කුකරු රෝහලට

තමා සතුව ආයුධ ඇති බව පවසා තරුණියක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට අවසානයේ රෝහල් ගතවීමට සිදුවූ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වේ.

කාඩ්බෝඩ් තුවක්කුවක් භාවිතකර රාත්‍රී කාලයේ තරුණිය කොල්ලකෑමට මෙම පුද්ගලයා උත්සාහ දරා ඇත.

කෙසේ වෙතත් එම තරුණිය UFC හි ජනප්‍රිය සටන් ක්‍රීඩිකාවක වන Polyana Viana වූ අතර තමා පසුපසින් පැමිණි පුද්ගලයා තමා සතුව ආයුධ පවතින බවත් ජංගම දුරකථනය ලබාදී පිටව යන ලෙසත් පැවසූ බව ඇය පවසයි. එම අවස්ථාවේදී ඇය විසින් කොල්ලකරුට බරපතල ලෙස පහර දී ඇති අතර ආරක්ෂක අංශ පැමිණ ඔහු රෝහල් ගතකර තිබේ.