ආණ්ඩුකාර පට්ටම් ගැලවෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ හේමකුමාර නානායක්කාර, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රෙජිනෝල්ඩ් කුරේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම යන මහත්වරුන්ට සිය ධූර අහිමි වී තිබේ.

නව පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම හේතුවෙන් මෙම තනතුරු අහිමිවීම සිදුව ඇති අතර බස්නාහිර ආණ්ඩුකාර ධුරය සඳහා අසාද් සාලි මහතාද, මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතාද, උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතාද, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතාද, නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද පත් කර ඇත. එම මහත්වරුන් අද(4) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගිය දා සිදුකළ නියෝගය අනුව රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර එමගින් ඇතිවූ පුරප්පාඩුවට මේ වනතෙක් කිසිවෙකුත් පත්කර නැත.