හිටපු ජනපතිගේ බිරිඳට වරෙන්තු

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිද වන ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ පසුගිය සතියේ දී එම වරෙන්තු නිකුත් කළ බවයි. ජාත්‍යන්තර පොලීසියේ සහාය ද මේ වන විට ඉල්ලා ඇති බවයි ඔහු සදහන් කළේ.
ග්‍රේස් මුගාබේ මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත්තේ 2017 වසරේදී දකුණු අප්‍රිකා නිරූපන ශිල්පිනියකු වූ ගේබි්‍රයෙල්ලා ඒන්ජල්ස්ට පහරදීමේ චෝදනාවටයි.