SMS මගින් සා.පෙළ ලියු සිසුවෙක් සහ ගුරුවරිය අත්අඩංගුවට

ජංගම දුරකතනයක් භාවිතා කර අපොස සාමාන්‍ය පෙළ විභායේ  ඉංග්‍රීසි   ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු ලියු පුද්ගලික අයදුම්කරුවකු සහ ඔහුට ජංගම දුරකතනය මගින්  පිළිතුරු කෙටි පණිවිඩ ඔස්සේ එවූ උපකාරක පංති පවත්වන ගුරුවරියක අද (06) අත්අඩංගුවට ගත්බව බලන්ගොඩ පොලිසිය පවසයි.

ජංගම දුරකතනය ලඟ තබා ගෙන විභාගයට පිළිතුරු ලියු පුද්ගලික   අයදුම්කරු බලන්ගොඩ දෙපැලමුල්ල  ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්  වන අතර  සැකකාර ගුරුවරිය  බලන්ගොඩ  රාස්සගල පදිංචිකාරියක්  වනබව  පොලිසිය  කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බළන්ගොඩ දෙමළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කළ පාසල් ගුරුවරියකි.

මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පෙර ගුරුවරිය විසින් ජංගම දුරකතනයට එවන ලද කෙටි පණිවිඩ භාවිතා කරමින් ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියු 19 හැවිරිදි විභාග අපේක්‍ෂකයා බළන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු බළන්ගොඩ ජාතික පාසලක විභාග මධ්‍යස්ථානයේ විභාගය ලියූ අපේක්‍ෂකයෙකි.

අත්අඩංගුවට පත් සැකකාර ගුරුවරිය කෙටි පණිවිඩ යැවූ දැනට අත්අඩංගුවේ පසුවන විභාග අපේක්‍ෂකයාට උපකාර පන්තියක් පවත්වා ඉංග‍්‍රීසි ඉගැන්වූ ගුරුවරියක බවට තොරතුරු හෙළි වී තිබේ