ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගැන ගම්මන්පිල කලින්ම දැනගෙන.

ලබන සතියේ 14 වනදා සිට අධිකරණයේ වාර්ෂික නිවාඩු ආරම්භ වන බැවින් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන පෙත්සම් විභාගයේ තීන්දුව ලබාදිය යුතුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ඊට පෙර මෙම තීන්දුව ලබා නොදුනහොත් අධිකරණයේ නිවාඩු අවසන් වන තුරුත් රට අරාජිකව පවතිනු ඇති බවත් එවන් පාපකර්මයක් ශ්‍රේෂ්ඨාධිකරණය රටට කරනු ඇතැයි තමන් නොසිතන බවත් ඒ මහතා එහිදී ප්‍රකාශ කළේය.

එසේම අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරුන් දැක්වූ කරුණු අනුව නම් මහමැතිවරණයක් ආසන්න බව තමන්ට දැනෙන බවයි.

(LNW)