ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය සිව්වන දිනටත් අද

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සිව්වැනි දිනටත් අද (07) සිදු කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ඇතුළු පාර්ශ්ව 13ක් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් ගොනු කර ඇති අතර එම නිවේදනයට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශ්ව 10ක් අතුරු පෙත්සම් ගොනු කර තිබේ.

පෙත්සම් විභාගය පසුගිය 04 වනදා ආරම්භ වූ අතර ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

බොහෝ පාර්ශ්ව සිතා සිටියේ අද දිනයේ අද දිනයේ මෙම පෙත්සම් විභාගයේ තීන්දුව ලැබෙනු ඇති බවටය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක වන්නා වූ මෙම පෙත්සම් විභාගය දෙස ලෝකයෙහි ම දෑස් යොමුවී තිබේ.