කෝටි 277 ක හොරොයින් ගෙන ආ යාත්‍රා හිමිකරු කැළණි ගඟෙන් මතුවෙයි.

රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු  තොගයක්  බේරුවල මුහුදේ දී  අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  එම මත්කුඩු තොගය  ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැගෙන ආ  ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු යටින්තොට පහළ ගරාගොඩ ප‍්‍රදේශයේ දී යටියන්තොට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු පොලිසියෙන් බේරීම සඳහා කැලණි ගඟට පැන පිහිනා  යාමට උත්සහ ගෙන ඇති අතර පොලිසිය මහත් පරීශ‍්‍රමයක් යොදා ඔහු කැලණි ගඟ මැදදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු බේරුවල ප‍්‍රදේශයේ සිට යටින්තොට ප‍්‍රදේශයට පලාගොස් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හොරොයින් ප‍්‍රමාණය සැකකරු ඔහුගේ  සොහොයුරා හරහා ඩිංගි බෝට්ටුවකින්  ගොඩබිම  වෙත රැගෙන එමින් සිටියදී  බදාදා (5) රාති‍්‍රයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.