‘අපි බලයට ආවොත් 19 වෙනස් කරනවා’ – ඩබ් ඩී ජේ සෙනවිරත්න

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අර්බුධයකට ලක්ව ඇති බැවින් තම පාර්ශවය බලයට පැමිණියහොත් එම සංශෝධනය වෙනස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ් ඩී ජේ සෙනවිරත්න මහතා කියා සිටි.

එක්සත් ජාතික පක්ෂයට ගත හැකිව තිබූ හොදම පියවර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනනඒම බවත් ඒම විකල්පයට නොයා එක්සත් ජාතික පක්ෂය විසින් අර්බුධ නිර්මාණය කරමින් පවතින බවටයි මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළේ.

“දෝෂාභියෝගයක් ගේන්න තිබුණා. ඒකට ඕන 113  සරල බහුතරයක්. ඒක කරන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂය මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවා දැන් උසාවියේ විභාග වෙනවා. අපි ආපුවාම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරනවා. මේ අර්බුදයට විසඳුම මහ මැතිවරණයක් පමණයි.”