ජනපති සිරිසේනගේ තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයේ දෙවන දිනය අදයි

ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05)  දෙවන දිනටත් විභාගයට ගැනිමට නියමිතව තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ, බුවනෙක අළුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාග කිරීම ඊයේ (04) ආරම්භ විය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල්  ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණේය.