මහින්දගේ ගෝලයා කොඩිකාර, හෙට සිරිසේනගේ ඉසුර ගෙනෙන බස්නාහිර අයවැය පරදවන සැලැස්මක..!

බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සදහා වන අයවැය  හෙට (05) දිනයේදී පරාජය වීමට නියමිත බව වාර්තා වෙයි.මහින්දගේ ගෝලයෙකු වු උපාලි  කොඩිකාර මහතා විසින් බස්නාහිර පළාත් සභාව තුල ගෙන ගිය රහසිගත මෙහෙයුමක ප්‍රතිපලයක් වශයෙන්  මෙම බලපෙරළිය සිදුවීමට නියමිත බව වාර්තා වන අතර බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන නවුසර් ෆවුසි සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් අද (04) විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ තත්ත්වය තවත් අවධානම් සහගත වන බවද වාර්තා වෙයි.

වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක් වීමට තමන් තීරණය කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

හෙට දිනයේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකු අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කිරීමට සූදානම්ව සිටින බවද විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන්කර සිටියි.