breaking news මහින්දට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 3 ට

මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) කැඳවු අතර  සියලු කරුණු දැක්වීම අවසන්  කරමින් එහි  තීන්දුව සවස 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය . එම වේලාවට පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 19  වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරුවන් කියා සිටියේය.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබේ.