EXCLUSIVE : ‘මෛත්‍රී බේරෙන්න – මහින්ද කොටුවෙන්න’ විශ්වාසභංගය එජාපෙ අතේ හදලම එවයි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් කිරීම සදහා නැවතත් දෙසැම්බර් 05 වනදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවක් සම්මත කරන ලෙසත් එහිදී ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය විමසන ලෙසත් ජනාධිපති  සිරිසේන විසින් ඊයේ (30) රාත්‍රී පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට දැනුම්දී ඇති අතර එම විශ්වාසභංග යෝජනාවද ජනාධිපතිවරයා විසින්ම සකස්කර එම අවස්ථාවේදීම ඔවුන් අතට ලබාදී තිබේ.

මේ හරහා ජනාධිපතිවරයා බලාපොරෙත්තු වන්නේ තමන් මෙම දේශපාලන කුමණ්ත්‍රණයෙන් බේරී එහි වගකීම මහින්ද රාජපක්ෂ වෙත පැවරීමයි. ඒ අනුව අදාල විශ්වාසභංග යෝජනාව සකස් කිරීමේදී තමන්ට අවාසිසහගත කිසිදු වගන්තියක් එයට ඇතුලත් නොකිරීමට ජනාධිපතිවරයා වගබලාගෙන ඇත. පසුගිය 26 වනදා සිට ආරම්භවු දේශපාලන අර්බුදය මහින්ද රාපක්ෂ මහතාගේ සහ ඔහු වටා සිටින බලවේගයගේ ක්‍රියාකලාපය මත නිර්මානය වුවක් බව මෙම විශ්වාසභංගයෙන් ඒත්තු ගැන්වීමට ජනාධිපතිවරයා උත්සහ කරයි.

කෙසේ වෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ඇමති මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් පාර්ලිමේන්තුවෙහි සම්මත වී තිබේ. ඉන් දෙවන විශ්වාසභංගයද ජනාපතිවරයාගේ ඉල්ලීම මත ඉදිරිපත් වුවකි. එහිදී ද පලමු විශ්වාසභංගයේ තමන් සම්බන්දයෙන් වු චෝදනාවන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා එජාපයෙන් ඉල්ලා සිටින ලදි.