ඉම්රාන් ඛාන්ගෙන් ට්‍රම්ප්ට ප්‍රහාරයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පාකිස්ථාන රජය සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශයක් හෙලා දකිමින් එරට අගමැති ඉම්රාන් ඛාන් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුගිය දා ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ පාකිස්ථානය ත්‍රස්ථවාදීන්ට දර දිය අදින බවයි. ඔසාමා බින් ලඩ්න් සැගවී සිටි ස්ථානය පාකිස්ථාන බලධාරීන් දැන සිටි බවත් ඔවුන් ඇමරිකාවේ ත්‍රස්ථවාදයට එරෙහි සටනට සැබෑ දායකත්වයක් ලබා නොදෙන බවත් ට්‍රම්ප් පැවසීය.

ඊට පිළිතුරු දෙමින් ඉම්රාන් ඛාන් පවසා සිටියේ ඇෆ්ගන් මෙහෙයුම්වලදී ඇමරිකාවේ අසාර්තකවීම් තම රට වෙත පැටවීමට ට්‍රම්ප් උත්සාහ දරමින් සිටින බවයි.

නේටෝ සෙබලුන් 1 40 000 (එක් ලක්ෂ හතලිස් දහසක්) සහ ඇෆ්ගන් හමුදා 2 50 000 ( දෙලක්ෂ පනස් දහසක්) සමඟ ඩෛාලර් ට්‍රිලියනයක් වැය කරමින් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සිදුකළද තලෙයිබාන් සටන්කාමීන් මේ වන විට පෙරටත් වඩා ශක්තිමත්ව සිටින බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසීය.