ඉන්ධන මිලට එරෙහිව ප්‍රංශයේ විරෝධතා – ලක්ෂ දෙකක් වීදි බසිති

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා හේතුවෙන් මේවන විට තුවාල ලබා ඇති පිරිස 400 දක්වා ඉහළ ගොස් තිබේ.

දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වන විරෝධතා අතර තුර විරෝධතාකරුවන් හා පොලීසිය අතර ඇතිවූ ගැටුම් මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.

කහ පැහැති ජැකට් පැළඳගත් විරෝධතාකරුවන් ලක්ෂ දෙකකට අධික පිරිසක් මහා මාර්ග හා අධිවේගී මාර්ග අවහිරකර විරෝධතා පා ගමන් පවත්වා තිබේ.

පසුගිය මාස කිහිපය පුරා ප්‍රංශයේ ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර විරෝධතාකරුවන් පවසා සිටින්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෙන් සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවයි.

ප්‍රංශ ජනාධිපතිවරයා මේ දක්වා ද සිදුවීම් සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර විරෝධතා තව දුරටත් ක්‍රියාත්මක වේ.