ජනපති සිරිසේනගෙන් විමල්ට නැවතත් නිවාස අමාත්‍යංශය – පවුලේ අයගෙන් සුභපැතුම් ගලාඑයි..!

විමල් වීරවංශ මහතා අද(09) උදේ නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. විමල් වීරවංශ හට ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දරණ ලද නිවාස අමාත්‍ය ධුරයම නැවත ලැබීමත් සමග සමාජජාල වෙබ් අඩවි තුල එය බරපතල ලෙස හාසයට ලක්කර තිබේ.

විශේෂයෙන්ම නිවාස අමාත්‍යංශය හරහා වාහන අවභාවිතා කිරීම්, නිවාස ඥාතීන් අතර බෙදාගැනීම් ඇතුළු බරපතල මුල්‍ය වංචා රැසක් පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල සිදුවූ අතර ඒ සදහා අධිකරණයේ විශාල නඩු ප්‍රමාණයක් මේ වනවිටත් විභාගවෙමින් පවතී. විමල් වීරවංශගේ පක්ෂයට අයත් සාමාජිකයින් මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ටද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි භික්ෂුන්ද ඒ අතරවේ.

ඒ අනුව නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 24 ක්ව පවතියි.