කුසල් කෙරෙහි විශ්වාසය තැබූ තේරිම් කමීටුවට මහේලගෙන් ඇගයීමක්.

කුසල් මෙන්ඩිස් කෙරෙහි විශ්වාසය තබමීන් රැඳි සිටි ක්‍රිකට් කළමණාකාරීත්වයට හා තේරිම් කමීටුවට ගෞරවය හිමි විය යුතු බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සිය ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයත් තබමීන් ප්‍රකාශ කර තිබේ.
පසුගියදා සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පස්වැනි හා අවසන් එක්දින තරගයේදි ප්‍රහාරත්ම ඉනිමක් ක්‍රීඩා කරමීන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කිරිමෙන් අනතුරුව මහේල ජයවර්ධන විසින් මෙම ටිව්ටර් පණිවිඩය තබා තිබේ.
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් පිතිකරණයෙන් දිගින් දිගටම අසාර්ථක විම හේතුවෙන් ඔහු මදකට අන්තර්ජාතික පිටියෙන් ඉවත්ව සිටිය යුතු බවට එංගලන්තය සමග සිව්වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පණිවිඩයක් තබමීන් මහේල ජයවර්ධන පසුගියදා ප්‍රකාශයක් ද සිදු කර තිබුණී.