අවසන් තරගයේ අන්ත පරාජය ගැන එංගලන්ත නායක මොගන් හේතු කියයි.

ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් හා පස්වැනි එක්දින තරගයේ වාසිය ශ්‍රී ලංකාව පැත්තට තිබු බවත් සිය කණ්ඩායම දුර්වල ක්‍රීඩා විලාශයක් ගත් බවත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මොගන් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
“ශ්‍රී ලංකාව වාසිය ගත්තා අද දවසේ අපේ පැත්ත ගොඩාක් දුර්වලයි, හරිම කණ්ගාටුදායකයි තරගාවලියේ මෙසේ නිම කරන්න ලැබිම ගැන, අපි සමහරුන්ට අත්දැකිම් ලබා ගැනිමට අවස්ථාවක් ලබා දුන්නා, නිසැකවම අපි තරගවැදුනා අපිට අවස්ථා තිබ්බා අපි ආයේ කතා කළ යුතුයි තරගයේ සැලැස්ම ගැන, අපි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අද, තනි තනිව පසෙකලා ගත් කල යොවුන් ක්‍රීඩකයින්ගේ ප්‍රගතියක් තිබුනා,අපිට ලෝක කුසලාන තරගාවලියට සංචිතය නම් කිරිමට හොඳ ප්‍රගතියක් ලැබුනා අපේ දුර්වලකම් අදුනාගෙන ඉදිරියට යන්න”
සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පසුගිය 23 වැනිදා පැවති අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණූ 219 ක ජයග්‍රහණයක් ලබා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේය.
කෙසේ වෙතත් තරග පහකින් යුත් එක්දින තරගාවලිය තරග 03-01 ක් ලෙස ජයග්‍රහණය කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.