ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  ඊයේ(22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පසුගිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ක්‍රිඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පැමිණිල්ල සිදු කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් හිමිවිය යුතු මුදලේ පළමු වාරිකය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයක් අනාවරණයවීමෙන් පසු මෙලෙස දකුණු අප්‍රිකානු තරගාවලියේ ද මුදල් පෞද්ගලික ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු අනාවරණ විය.