විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් පලමු කැදවීම මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්ට

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකුට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඔවුන්ට අදාළ නඩුව අද(10) කැඳවූ අවස්ථාවේදීයි. රුපියල් බිලියන 4 ක රාජ්‍ය මුදලක් අවභාවිත කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වුණා.
ඒ අනුව විදේශගත වීම සඳහා අධිකරණයෙන් ලබාගත් විදේශ ගමන් බලපත්‍ර යළි අධිකරණයට භාර දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පළමු හා දෙවන සැකකරුවන්ට නියෝග කරන ලදි.