ශෂී වීරවංශ මට කතා කරලා නඩු ටික බේරලා දෙන්න කිව්වා – රන්ජන් රාමනායක

විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරංවංශ මහත්මිය තමාට දුරකථනයෙන් අමතා පොලියට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඇති නඩුවක් ඇතුළු නඩු බේරාදෙන ලෙස ඉල්ලා එම නඩුවලට අදාළ ලිපිගොනු තමන් වෙත ලබා දුන් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

දූෂණ විරෝධය කරපින්නාගෙන ගිය රංජන් රාමනායක මහතා වැනි පිරිස් දැන් එම සටන්පාට අතහැර දමා ඇතැයි එහිදී විමල් වීරවංශ මහතා විසින් සඳහන් කර සිටි අතර එයට ප්‍රතිචාර දක්වමින් රංජන් රාමනායක මහතා උක්ත කරුණ හෙළි කර සිටියේය.

“මට ශෂී වීරවංශ කියල කාන්තාවක් කතා කරලා පොලියට මුදල් දුන්න එකක් ගැන තියෙන නඩුවක් බේරලා දෙන්න කියලා නඩු ෆයිල් ගෙනත් දුන්නා” යැයි සඳහන් කළේ ය.

කෙසේ නමුත් විමල් වීවංශ මහතා එයට ප්‍රතිචාර දැක්වූයේ සුපුරුදු පරිදි අපහාසාත්මක කතා කියමින් රංජන් රාමනායක මහතාට “පිරිමි ගණිකාව” යැයි කියමිණි.

විමල් වීරවංශ බිරිඳ රංජන් රාමනායක මහතා අමතා තම නඩු බේරා දෙන ලෙස ඉල්ලා සිටි හඬ පටයක්ද පසුගිය දිනවල සමාජජාලවල හුවමාරු විය.