විමල්ගේ ‘ජන බල සේනා’ රැලිය අසාර්ථකයි..! මහින්ද සිය කනස්සල්ල පළ කරයි.

විමල් වීරවංශ මුලිකත්වය ගෙන සංවිධානය කර තිබූ ජන බල සේනා විරෝධතා රැළිය හා පාගමන අසාර්ථක බව මහින්ද පිලේ ෆේස් බුක් හසුරවන කණ්ඩායම විසින්ම පිලි අරන් ඇතිබව ඔවුන්ගේ ෆේස්බුක් සංවාදයකින් හෙලිවීතිබේ. ඒකාබද්ධයේ නායකයන් අතර ඇති විවිධ හැල හැප්පීම් එහි ක්‍රියා කාරීන් හටද බලපා ඇතිබව හොඳින්ම පෙනීයන කරුණක්.  මෙම රැලිය විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති අතර ඒ සදහා 2000කට ආසන්න පිරිසක්වත් සම්බන්ද නොවීම හේතුවෙන් මහින්ද පිලේ අභ්‍යන්තරයේ විවිධ මත පලවේ.

මෙම රැලිය විමල් වීරවංශගේ මුලිකත්වයෙන් පැවැත්වීම මේ සදහා ප්‍රධාන සාධකයක් බව එම අවස්තාවේදි මහින්ද පිලේ ප්‍රබලයින්ගේ කතාබහට ලක්වී ඇත. ඒ හරහා විමල් වීරවංශට යම් විරෝදයක් එල්ල කිරීමද සිදුවී ඇත. එමෙන්ම මෙම ජනබල සේනා රැළිය සඳහා මහින්ද පිලේ ප්‍රබල සාමාජිකයින් වන ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී නොවූයේ ඔවුන් අතර පවතින ගැටුම් උත්සන්න වි ඇති හේතුවෙන් බවද අනාවරණය වේ.

හිටපු ජනාධිපතිවරයා රැලිය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති බවද රැළියේ සංවිධායකවරුන් හට සිය අප්‍රසාදය පළ කර ඇති බවද මහින්ද පිලේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු පැවැසිය

Related image