‘දේශපාලනයට එන්නෙ නැහැ’ – නිහඬතාව බිඳිමින් සංගා කියයි. EXCLUSIVE

තමන් දේශපාලනයට අවතීර්ණ වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය හෝ වෙන කිසිදු පක්ෂයකින් තමන් දේශපාලනයට පිවිසීමට අපේක්ෂා නොකරණ බවද කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි. දේශපාලනයට පිවිසීම පිළිබඳව තමා විසින් කළ බවට වූ ප්‍රකාශයක් මාධ්‍ය හරහා පැතිර යන බවත්, එය කිසිසේත් තමාගේ ප්‍රකාශයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා හිටපු නායක සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පිළිබඳව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ඒ ඔහු මීලඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බවට පළ වූ වාර්තා සමගින්.

එක්සත් ජාතික පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය නිියෝජනය කරමින් ඔහු දේශපාලනයට පිවිසෙනු ඇති බවට දේශපාලනඥයින් ද ඉඟි පළ කළ අතර සමාජ ජාල අතර ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබුණා.