උණුසුම් වු ජපානයේ මිය ගිය ගණන 65ක් දක්වා ඉහළට

ජපානයට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය, දැඩි ස්වභාවික ආපදා තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 65 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයට බලපා ඇති මෙම උණුසුම්කාරි කාලගුණ තත්ත්වයත් සමඟ එරට කාලගුණ අංශය විසින් ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

තවත් පුද්ගලයන් 22,000 ක් පමණ රෝහල් ගත කර ඇති බව සඳහන්. බොහෝ ප්‍රදේශවල සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් උණුසුම් කාලගුණ තත්ත්වයේ අඩුවීමක් මෙතෙක් පෙන්නුම් කර නොමැති බව ද පෙන්වා දෙයි.