බෙල්ජියම පරාජය කල ප්‍රංශය අවසන් තරගයට සුදුසුකම් ලබයි

රුසියාවේ පැවත්වෙන 2018 ෆිපා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (10) රාත්‍රි පැවති පළමු අවසන් පුර්ව තරගයේදි බෙල්ජියම ගෝල 1-0 ලෙස පරාජයට පත් කර අවසන් මහා තරගයට සුදුදුසුකම් ලැබිමට ප්‍රංශය සමත් විය. තරග⁣යේ පළමු අර්ධයේදි දෙපිලටම ගෝල ලබා ගැනිමට නොහැකි වු අතර තරගයේ දෙවැනි අර්ධයට අයත් පනස් එකිවැනි මිනිත්තුවේදි ප්‍රංශයේ එස්.උමටිටි රැස් කළ ගෝලය පමණක් තරගයේදි වාර්තා වු එකම ගෝලය විය.

මෙ අනුව ලබන ජුලි 15 වැනිදා පැවැත්වෙන අවසන් තරගය සඳහා ප්‍රංශ තරග වැදිමට නියමිතය.

අද (11) එංගලන්තය හා කොරේෂියාව අතර පැවැත්වෙන දෙවැනි අවසන් පුර්ව තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ප්‍රංශය සමග අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.