‘ආණ්ඩුවේ ප්‍රභලයින් දූෂිතයින්ට දඬුවම් නොදී ආරක්ෂා කිරීම ගැන මම කණගාටු වෙනවා’ – ෆොන්සේකා

පසුගිය ආණ්ඩුවේ දූෂීතයින්ට නිසි අයුරින් දඩුවම් ලබා නොදීම සම්බන්ධයෙන් කණගාටුවෙන් පසුවන බව පීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂ කළු දශකය තුල සිදුකළ වංචා දුෂණ සම්බන්දයෙන් යහපාලන ආණ්ඩුවේ නිසි බලධාරීන් ඒ සඳහා ක්‍රියාත්මක නොවන්නේ ජනතාවගේ අප්‍රසාදයට ලක්විය හැකි බවයි.

කොළඹ ප්‍රදේශයේදි ඊයේ(10) මාධ්‍ය වෙත අදහස් දක්වමින්  සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගියදා විමල් වීරවංශ මන්ත්‍රිවරයා තම බිරිද හරහා අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ද කරගනිමින් තම වංචා දුෂණ පිලිබද තොරතුරු ඇතුලත් ලිපිගොනු යටපත් කිරීම සදහා මැදිහත්වී ඇති අයුරු දැක්වෙන හඩපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එමෙන්ම ගොඨාභය රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය අතුඅඩංගුවට ගැනීම වැලැක්වීම සදහා මෛත්‍රීපාල සිරිසේන මැදිහත්වි ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.

මීට අමතරව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙන්ම සාගල සේනාරත්න , වජිර අබේවර්ධන , විජේදාස රාජපක්ෂ වැනි අමාත්‍යවරුද පොලිස්පතිවරයාද සෘජුවම පසුගිය ආණ්ඩුවේ අපරාධකරුවන් ආරක්ෂා කිරීම සදහා මැදිහත්වෙමින් සිටින අයුරු වරින් වර මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.