හරීන් ඉලෙක්ට්‍රොනික් පාස්පෝට් මගඩියෙන් කෝටි 214ක් කාබාසිනියා කරයි.

ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව විනිවිදභාවයකින් සහ ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින්  බ්‍රිතාන්‍ය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් වාර්ෂිකව රුපියල් 214,000,000 ආසන්න මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන ලකුණු පහළ වී තිබේ.

 කොන්ත්‍රාත්තුව දීර්ඝ කාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ අවම වශයෙන් වසර විස්සකට හෝ විසි පහකට හෝ පිරිනැමෙන බැවින් ඒ අනුව විනාශ වෙන මහජන මුදල් ප්‍රමාණය අවම වශයෙන් රුපියල් පන්දහස් තුන්සිය පනස්අට කෝටියක් පමණ වෙතැයි ගිණුම් ආරංචිවලින් කියැවේ.

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට 2003 වර්ෂයේ සිට විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සපයන දේශීය සැපයුම්කාර සමාගමක් ඉදිරිපත් කර ඇති අඩු ලංසුව කුණු කූඩයට දමා ඊට තුන් ගුණයකට වැඩි ඉල්ලුමකට කොන්ත්‍රාත්තුව බි්‍රතාන්‍ය සමාගමට පිරිනැමීමෙන් මේසා මහජන මුදල් කන්දරාවක් විනාශ වෙන බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගිණුම් ආරංචිවලින් පැවැසේ.

විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කවර සමාගමකට වුවද විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දී ඇති නියෝග ද පයිසෙකට හෝ මායිම් නොකොට බි්‍රතාන්‍ය සමාගමට කොන්ත්‍රාත්තුව පවරා තිබේ.

තම අමත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කාර්යය ඉටුකළ හැකි සම්පත් ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට අයැද සිටි රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාවද අමාත්‍ය මණ්ඩලයද, මුළා කර සියලු නීතිරීති උල්ලංඝනය කර කොන්ත්‍රාත්තුව බි්‍රතාන්‍ය සමාගමට පැවැරීමට අවශ්‍ය වූයේ කාගේ අවශ්‍යතාවකටද යන්න ප්‍රශ්නයකි.

‘මව්බිම’ට ලැබුණු තොරතුරු අනුව මහජනතාවගේ දැනගැනීම සඳහා සිද්ධිය ඉදිරිපත් කරන්නෙමු.

ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනටත් නිකුත් කරමින් පවත්නා විදේශ ගමන් බලපත්‍ර (පොත) වෙනුවට ඉලෙක්ට්‍රොනික් විදේශ ගමන් බලපත්‍රයක් හඳුන්වා දීමේදී යෝජනාව ගෙන ආවේ 2015 වර්ෂයේදීය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණික විශේෂඥයන් පිරිසක් විසින් ‘ඉ’ විදේශ ගමන් බලපත්‍රය හඳුන්වා දීමේ ක්‍රමවේදයත් ඊට අවශ්‍ය තාක්‍ෂණික රාමුවත් හඳුන්වා දෙනු ලැබීය.

එහෙත් මොරටුව විශ්වවිද්‍යාලීය තාක්‍ෂණික විශේෂඥයන් පිරිස ඉදිරිපත් කළ වාර්තාව වෙනුවට එවකට මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායක මහතාගේ උපදෙස් මත විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ තොරතුරු සහ විදුලි සන්දේශ තාක්‍ෂණය ආයතනය විසින් නව තාක්‍ෂණික වාර්තාවක් පිළියෙල කරන ලද අතර එසේ සකස් කෙරුණු වාර්තාවෙන් නිර්දේශිත ක්‍රමවේදයට අනුව නව ‘ඉ’ විදේශ ගමන් බලපත්‍රය සැපයුමට තීරණය කෙරිණි.

එම තීරණයට අනුව සැකසෙන නව ‘ඉ’ විදේශ ගමන් බලපත්‍රය සැපයීමේ කටයුත්ත සාර්ථක කිරීමට අවශ්‍ය සියලු සම්පත් තම අමාත්‍යාංශය යටතේ පවත්නා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇති බැවින් කොන්ත්‍රාත්තුව තම අමාත්‍යාංශයට දෙන ලෙසට රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා 2017 අගෝස්තු 31 වැනිදා අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම අංක ර්ර්ථීඒධ්ඒච් ඡ්ඉඊ ට්ඒ22 ච්ඡ්ර්ථී.ට්ර්ථී 01 දරන ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා තම අංක ධ්ඒ/1/3/75/1 සහ 2017.09.11 දාතම දරන ලිපියෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජී. රත්නසිරි මහතාට දන්වන්නේ, මෙම ප්‍රසම්පාදන කටයුත්ත (‘ඉ’ විදේශ ගමන් බලපත්‍රය සැපයීම) රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වයෙන් කිරීමේ යෝජනාව ඒ වනවිටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇති බවයි. එම ප්‍රසම්පාදනය සඳහා දැන්වීම් පළ කළ පසුව යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.

රාජ්‍ය ආයතනයක් කිසියම් සේවාවක් හෝ සැපයුමක් හෝ ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවක ඒ අවශ්‍යතාව ඉටු කර දීම සඳහා රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් වන්නේ නම්, එම කාර්යභාරය එම රාජ්‍ය ආයතනය ලවා කරවා ගත යුතු බව රාජ්‍ය ප්‍රතිපත්තිය බව මුදල් රෙගුලාසිවලද අවධාරණය කර ඇතත්, ඊට පටහැණිව මෙම ප්‍රසම්පාදනය සඳහා කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ.

‘ඉ’ (ඉලෙක්ට්‍රොනික්) විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන නීතිරීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර විදේශීය සමාගමකට ටෙන්ඩර් නොකැඳවාම පැවරීමකට කටයුතු කෙරෙන බවට ලද තොරතුරු අනුව එපික් ලංකා පෞද්ගලික සමාගමේ ඉහළ කළමනාකරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

එපික් ලංකා සමාගම සම්පූර්ණයෙන්ම දේශීය සමාගමකි. අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003 සිට) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන ආයතනයකි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා සපයා ඇති ආයතනයේ තාක්‍ෂණික ඉන්ජිනේරුවරුන් පමණක් දෙසිය පනහකට (250) අධික වේ. ඉන්දුනීසියාවේ සහ මලයාසියාවේ ශාඛා දෙකක් පවත්වා ගෙන යනු ලබන අභිමානවත් ශ්‍රී ලාංකික ආයතනයක් බව මෙහිලා සඳහන් කළ යුතුය.

විනිවිද භාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියකින් තොරව කිසිදු සමාගමකට හෝ විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කොන්ත්‍රාත්තුව නොපවරන බව ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනුකාරක සභාවෙන් ඉදිරිපත් කර තිබූ ක්‍රමයට අනුව නොව ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය මත විදේශ ගමන් බලපත් සපයා ගත යුතු බවටත් ඒ සාකච්ඡාවට සහභාගි වූ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාටද ඒ පිළිබඳ කටයුතු කළ යුතු අන්දම ගැනත් උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ එම උපදෙස් සහ නියෝගයට අනුව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න සහ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙපළගේ අස්සනින් අංක ඛ්ර්/16/2017 යටතේ ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 අගෝස්තු පළමු වැනිදා (2017.08.01) අනුමැතිය ලැබී තිබේ.

එහෙත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද ‘ස්විස් චැලෙන්ජ්’ ක්‍රමය ඉවත් කර ඒ වෙනුවට ‘ඉ’ විදේශ ගමන් බලපත්‍ර කොන්ත්‍රාත්තුව බි්‍රතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති සමාගමට සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස ලබාදෙන ලෙස විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අස්සනින් පමණක් පසුව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කෙරී තිබේ.

විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විදේශ ගමන් බලපත්‍ර සපයා ගැනීම පිළිබඳ සන්දේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමද හතර බීරි කතාවක් බව ගිණුම් ආරංචි කියයි. මන්ද විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නීත්‍යනුකූල භාරකාරත්වය හිමි ආගමන – විගමන දෙපාර්තමේන්තුව අයත් වන්නේ අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට බැවින් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කළ යුතු වන්නේ එම අමාත්‍යාංශය භාර ඇමැතිවරයා වන එස්.බී. නාවින්න මහතායි. එහෙත් ඉදිරිපත් කර ඇත්තේ විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාය.

ඩිජිටල් වැඩේ කොමිටල් වී ඇතැයි ගිණුම් ආරංචිවලින් ඇසෙන්නේ ඒ නිසාය.

ඒ කෙසේ වෙතත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති අංක 17/2522/749/022 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2017 නොවැම්බර් 2 වැනිදා අනුමැතිය ලැබී ඇත.

එම අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුව බි්‍රතාන්‍යයේ ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් නමැති සමාගමට ‘ඉ’ විදේශ ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත්තුව සෘජු කොන්ත්‍රාත්තුවක් ලෙස පිරිනැමිය යුතු බවට හේතුවක් වශයෙන් සඳහන් කර ඇත්තේ එම සමාගම රුපියල් බිලියන එකයි දශම දෙකක් (1.2) හෙවත් රුපියල් කෝටි එකසිය විස්සක් (1,200,000,000) ලංකාවේ ආයෝජනය කරන බවට දී ඇති පොරොන්දුවය.

අමාත්‍ය මණ්ඩලය සන්දේශයේ එසේ දක්වා ඇතත් එම සමාගම 2018 ජනවාරි 26 දින ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ තමන් ආයෝජනය කරන්නේ රුපියල් මිලියන පනහකට හෙවත් කෝටි පහකට (50,000,000) අඩු වටිනාකමකින් යුතු මෙවලම් කිහිපයක් බවයි. ඒ අනුව එම සමාගම විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය මුළා කරන අන්දමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බව ගිණුම් ආරංචිවලින් කියැවේ.

අවුරුදු පහළොවකට ආසන්න කාලයක සිට (2003) ආගමන – විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය විදේශ ගමන් බලපත්‍ර සපයන එපික් ලංකා පෞද්ගලික සමාගම ‘ඉ’ විදේශ ගමන් බලපත්‍රයක් ඩොලර් අටකට හෙවත් රුපියල් එක් දහස් දෙසිය පනස් හයකට ආසන්න (1256) මුදලකට (ඩොලරයේ අද අගය රුපියල් එකසිය පනස් හතක් සේ සලකා) සපයා දිය හැකි බවට ලන්සුව ඉදිරිපත් කර ඇතැයි දැන ගන්නට තිබේ.

එහෙත් බි්‍රතාන්‍ය සමාගම එක විදේශ ගමන් බලපත්‍රයක් සැපයිය හැකි බවට යෝජනා කිරීමට සූදානම් වන්නේ ඩොලර් විසි පහකට (25) හෙවත් රුපියල් තුන්දහස් නවසිය විසිපහක් (3,935) තරම් මුදලකට බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ආරංචිවලින් දැන ගන්නට තිබේ.

ආගමන – විගමන දෙපාර්තමේන්තුවට දැනට වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන බවද බි්‍රතාන්‍ය සමාගමට පිරිනැමෙන කොන්ත්‍රාත්තුව දීර්ඝකාලීනව බල පැවැත්වෙන කොන්ත්‍රාත් ක්‍රමය යටතේ (ර්ථීඡ්අර්ථීඡ්ඊඋඒඹ් ඡ්ජ්ජ්ඡ්ඛ්ඊ) අවම වශයෙන් වසර විස්සකට හෝ විසිපහකට හෝ කාලයකට පිරිනැමෙන බවද පැවැසේ.

දේශීය එපික් සමාගමත් බි්‍රතාන්‍ය ඩි ලා රූ ලංකා කරන්සි ඇන්ඩ් සිකියුරිටි ප්‍රින්ට් ලිමිටඩ් සමාගමත් එක් ගමන් බලපත්‍රයකට ඉදිරිපත් කරන මිල ගණන් සස¼දා බලන කල එපික් සමාගම ඉදිරිපත් කරන මිල ගණන්වලට වඩා (3,925-1,256 = (2,669) රුපියල් දෙදහස් හයසිය හැට නවයක් බි්‍රතාන්‍ය සමාගමට ගෙවීමට සිදුවේ.

ඒ අනුව අපේ රටට වර්ෂයකදී සිදුවෙන අපතය (2,669ය800,000= (2,135,200,000) රුපියල් දෙසිය දහතුන් කෝටි පනස් දෙලක්‍ෂයකි. ගමන් බලපත්‍ර සැපයීමේ කොන්ත්‍රාත් කාලය වසර විසිපහක් වේ නම් මහජනයාට අහිමි වෙන ධනස්කන්ධය (2,135,200,000ය25= 53,380,000,000) රුපියල් පන්දහස් තුන්සිය තිස්අට කෝටියකි.

දැනට (2018) ආගමන – විගමන දෙපාර්තමේන්තුව වාර්ෂිකව විදේශ ගමන් බලපත්‍ර අට ලක්‍ෂයකට (800,000) ආසන්න ප්‍රමාණයක් නිකුත් කළද, තවත් වසර විසි පහක කාලයේදී එම සංඛ්‍යාව වැඩි වන ජනගහනය අනුව කෙසේ වර්ධනය වේදැයි උපකල්පය කළ යුතු ආකාරයට සමගාමීව ගමන් බලපත්‍ර වර්ධනයද උපකල්පනය කළ යුතු වේ.

රටේ සිදු වෙන කරුණු කාරණා අනුව බලන කල අනුන්ට යටි මඩි ගහගන්නට මේ රටේ මහජනතාවට නොකා නොබී පව් ගෙවන්නට සිදුවී ඇත්තේ පූරුවේ කළ කවර අකුසලයක් නිසා දැයි දන්නේ දෙවියන් පමණි.

-මව්බිම-