විජයකලා හදිස්සියේ ලන්ඩන් යන්න සැරසෙයි.

කොටි සංවිධානට යළි ගෙන ආයුතු යැයි  ප්‍රකාශ කළ  හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබන සතියේ ලන්ඩන් බලා පිටත්වී යාමට නියමිත බව වාර්තාවේ. ඇගේ පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස ලන්ඩනය බලා පිටත් වන බව ඇය පවසයි.

ඇය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාජයෙන්  බොහෝ විරෝධතා එල්ල වු නමුත් උතුරේ  ඇතැම් ප්‍රදේශවල ඇය වෙනුවෙන් පොස්ටර් අලවා තිබුණු අතර ඇයට පිළිගැනීමේ උත්සව පවා සුදානම් කර තිබිණි.