රන්ජන්ගෙන් තවත් හෙලිදරව්වක් – විමල් වීරවංශගේ UNP ඩීල් එළියට…! – හඩපටය මෙන්න.

ඉද හිට ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති මවන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ අතර සිදුවූ දුරකථන සංවාදයක් ඇතුළත් හඬ පටයක් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර ඇත. ශෂී වීරවංශ සමග සිදුවන දුරකථන සංවාදය ආරම්භයේ විමල් වීරවංශ විසින් රංජන් වෙත එල්ල කරන විවේචන ගැන විමසීමක් සිදුවන අතර එහෙත් පසුව සංවාදය යොමු වන්නේ විමල් සහ ශෂී වීරවංශට අදාළව තිබෙන නඩු කටයුතු සමතයට පත්කර ගැනීම සම්බන්ධව ය.

අමාත්‍ය රාජිත සේනාරත්න (රාජිත අයියා) හරහා නීතිපති සතුව තිබෙන නඩු ලිපිගොනු සම්බන්ධව සහනයක් ලබාදීමට  ඔහුගේ බිරිඳ වන සුජාතා සේනාරත්න (සුජාතා අක්කා ) තම නඩු කටයුතු ගොඩින් බේරා ගැනීමට සහය දෙන බවට පවසා ඇති බවද එහිදී ශෂී වීරවංශ සඳහන් කරයි. රාජපක්ෂ කළු දශකයේ වංචා දුෂණ සදහා දැඩි දඩුවම් ලබාදීමට මාධ්‍ය හමුවේ පුරසාරම් දොඩවන ඇමති රාජිතගේ සැබෑ පැටිකිරියද මෙම හඩපටය හරහා හෙලිදරව් වී තිබේ.

දුරකථන සංවාදය හරහා පෙනී යන්නේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකද එම නඩු කටයුතු වලින් සහනයක් ලබාදීමට ශෂී වීරවංශට පොරොන්දුවී ඇති බවය.

මේ සංවාදයේ ඇතුළත් කරුණු  හරහා ගම්‍ය වන සත්‍ය නම් විවිධ දේශප්‍රේමී සළුපිලි පොරවාගෙන සිටින තක්කඩියන්ගේ සැබෑ දේශපාලන භාවිතාව අප හමුවේ අනාවරණය වෙයි.යහපාලන ආණ්ඩුව සහ එහි ප්‍රබලයින් මාධ්‍ය සංදර්ශන වලදී මාරාන්තිකව විරුද්ධවාදීන් ලෙස හැසිරෙන පාර්ශව ඊට අතිරේකව තවත් කටයුත්තක නිරත වන බව මේ අනුව පෙනී යයි . එනම් රාජපක්ෂ සමයේ සිදුකල විවිධ අපරාධ, අක්‍රමිකතා සහ දුෂණ සම්බන්ධව වගකිව යුත්තන් අද නීතිය හමුවට ගේනවා, හෙට දඬුවම් දෙනවා කියමින් ජනතාව ඇන්දිල්ලක් සිදුකරන බවය.

එසේ ජනතාව නොමග යවා සිය බල සම්බන්ධතා නඩත්තු කිරීම වෙනුවෙන් ඒ කරන ප්‍රකාශ වල ප්‍රතිවිරුද්ධ වැඩේද සිදුකරන බවය.අනෙක් අතට මාරාන්තික දේශප්‍රේමීන් සිය පරණ පව් කමා කර ගැනීමට රහසින් ආණ්ඩුවේ ප්‍රබලයන් හමුවේ වැඳ වැටී එළියට බොරු මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී. ඒ හරහා අවසානයේ සමාජ යුක්තිය ගැන වන අපේක්ෂා නිර්ලජ්ජිත ආකාරයට බිඳ වැටෙද්දී මේ පහත් වැඩ කරන උදවිය කවුරු බලයට ආවත් ආරක්ෂිතව සිටීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

රන්ජන් හා ශෂී වීරවංශ අතර අදාළ හඬ පටයට පහතින් සවන් දෙන්න.

( උපුටා ගැනීම – NEWS Tube )

විමල් වීරවංශගේ UNP ඩීල් එළියට..! හඩ පටය මෙන්න

විමල් වීරවංශගේ UNP ඩීල් එළියට..! හඩ පටය මෙන්න

Posted by ColomboXnews on Monday, 9 July 2018