“දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් එපා” – එම්.ඒ සුමන්තිරන්

දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් අවශ්‍ය නොවන බව දෙමළ සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි. පසුගියදා කෑගල්ල කරවනැල්ල, මාගම්මන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් සුමන්තිරන් මහතා ඒ බව සඳහන් කළා.

දෙමළ ජනතාවට පමණක් නොව සෑම ජන කොට්ඨාසයකටම එකඟවිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ අදහස බවද ඒ මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්කර ඇති  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.