තායි ගුහාවේ දරුවන් හය දෙදෙනෙක් බේරා ගැනේ..! මෙහෙයුම් තවදුරටත්..!

තායිලන්තයේ ජලය පිරුණු ගුහාවක සිර වී සිටින යොවුන් පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනා සහ පුහුණුකරු සහ දරුවන් පස් දෙනෙක් පමණ මේ වන විට බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ උදෑසන හදිසියේම ඔවුන් බේරාගැනීම සඳහා කිමිදුම්කරුවන් 13 දෙනෙකු තාම් ලුවන්ග් ගුහාව තුළට යවනු ලැබුවේ එතුළ ජල මට්ටම ඉහළ යන බවට සැක පළ වූ නිසා ය.

ඉතිරි සියලු දෙනා ද බේරාගැනීමට නියමිත නමුත්, ඒ සඳහා කොපමණ වේලාවක් ගත වේද යන්න අවිනිශ්චිත ය. ඇතැම් විට සම්පූර්ණ මෙහෙයුම අවසන් කිරීම සඳහා දින කිහිපයක් වුවද ගත විය හැකිය.

සති දෙකකට ආසන්න කාලයක් පුරා තායිලන්තයේ පාපන්දු ක්‍රීඩා කරන ළමුන් 12 දෙනෙකු හා ඔවුන්ගේ පුහුණුකරු ගුහාවක සිරව සිටින අතර වර්ෂාව හේතුවෙන් මේ වන විට එම ගුහාව තුළට ජලය කාන්දු වී ඇති බව සඳහන්ය. ඔවුන් මුදාගැනීමට ගිය මෙහෙයුම් කණ්ඩායමේ එක් තාලියන්ත ස්වෙච්ඡා කිමිදුම්කරුවෙකු ද පසුගිය 06 දා මියගියේය.