අනුරාධපුරයේ අහිංසක තරුණිය ‘නිරුවත්කල’ TV දෙරණට ජනතාවගෙන් බලු බැනුම්..!

අනුරාධපුර දීපානි විද්‍යාලය ඉදිරිපිටදී සන්නද්ධ කණ්ඩායමක් විසින් තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීම සිදුකල ආකාරය මාධ්‍ය සදාචාරයට පටහැනි බව පවසමින් එම මාධ්‍ය ආයතනයට එරෙහිව ප්‍රබල සමාජ මතයක් නිර්මාණයවී තිබේ. ඝාතනයට ලක්වු පියාගේ දියණිය රටට අනාවරනය කිරීම ඇය මීට පෙර විවාහ මංගල උත්සවයකදී නිරුවත් කලාසේ නැවත වරක් මාධ්‍ය ඉදිරියේ රටටම පෙනෙනසේ නිරුවත් කිරීමක් වැනියැයි ඔවුන් පවසයි.

අංක එකේ මාධ්‍ය නාලිකාව යයි කියමින් තමන් ගැන තමන්ම කියා ගනිමින් සිටිනා දෙරණ නාලිකාව මෙම පුවත වාර්තා කිරීමේදී මෙම සිදුවීමට මුහුණ දුන් තරුණිය සිය නාලිකාව ඔස්සේ රටටම හෙළි කිරීම ඇත්තටම මාධ්‍ය සදාචාරයට පටහැනි නොවන්නේද? දෙරණ වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකාවක් සිය ප්‍රවෘත්ති වාර්තා කරණයේදී මීට වඩා වගකීමෙන් කටයුතු කලයුතු නොවේද?

සිය දියණියට අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකුට පහර දීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවයි මියගිය පුද්ගලයාගේ ඥාතින් පවසයි.අනුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි සුජීව ප්‍රසන්න කුමාර හෙට්ටිආරච්චි  තිදරු පියෙකි. මීට මාස 10කට පමණ ඉහත විවාහ මංගල්‍ය උත්සවයකදී සුජීවගේ පුතණුවන් සහ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අතර ගැටුමක් ඇති වී ඉන් ඔහු බේරා ගැනීම සඳහා සුජීවගේ දියණිය මැදිහත් වී තිබිණි. ඒ අවස්ථාවේදී එම පුද්ගලයා විසින් දියණිය නිරුවත් කිරීමට උත්සහ කිරීමත් සමග ඇයව බේරා ගැනීම සඳහා මැදිහත් වූ සුජීව ඔහුට පහර දී තිබේ.

මනුසත් දෙරණ කියමින් රට වටා තමන්ගේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන්නට එක එක දේවල් කරන දෙරණට මෙවැනි දෙයක් තේරෙන්නේ නැතිද? සැබවින්ම ඔවුන්ට නොතේරෙනවා නොව ඔවුන් සිය පුවත විකුණා ගැනීම පිණිස සිතා මතාම මේ තරුණිය රටක් ඉදිරියේ මෙලෙස අපහසුතාවයට ලක් කලේ සිතා මතාමය. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කියමින් බොරු පම්පෝරි ගසමින් ජනතාවගේ පෞද්ගලිකත්වය විකුණන මොවුන් තමන්ගේ චැනල් එක සහ ප්‍රවෘත්ති විකුණා ගැනීමට ඕනෑම බලු වැඩක් කරන්නට පැකිලෙන්නේ නැති බව ජනතාව සිහි තබා ගත යුතුය.

මෙම පුවත වාර්තා කරණයේදී අදාළ තරුණිය සහ පවුලේ උදවියගේ කඳුළු විකුනනවා වෙනුවට ඔවුන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකත්වය අනාවරණය නොකර එය ආරක්ෂා කරමින් මෙය වාර්තා කිරීමට දෙරණට නොහැකි වුයේ ඇයි?

දෙරණ ෆේස්බුක් පිටුවේ අදාළ පුවත වාර්තා කොට තිබු අයුරු සහ එහි පාඨකයින් දෙරණේ මේ වගකීම් විරහිත සහ මාධ්‍ය සදාචාරයට පටහැනි ක්‍රියාව පිළිබඳව දක්වා ඇති අදහස් පහතින්….