අනුරාධපුර තිදරු පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ පසුගියදා සිදවු තිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බ පොලිසිය පවසයි. අද (08) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියයි. අනුරාධපුර දීපානි විද්‍යාලය අසලදී සන්නද්ධ කණ්ඩායමක් විසින් සුජීව ප්‍රසන්න නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම ඝාතන සිද්ධියේ සැකකරු හා මියගිය පුද්ගලයා අතර කලසිට ආරවුලක් පැවතී ඇති අතර 2017 සැප්තැම්බර් 3 වන දින පැවති විවාහ මංගල උත්වයකදී සැකකරුගේ ප්‍රර්ශවය හා මරණකරුගේ පාර්ශවය අතර ගැටුමක් හටගෙන තිබේ.

එම අවස්ථාවේදී සැකකරු විසින් මරණකරුගේ පාර්ශවයට පහරදීමක් සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මරණකරුගේ බිරිඳ විසින් අනුරාධපුර පොලීසියට ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මත පුල්ලයාර් චමින්ද නැමැත්තා අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් නඩු 5 ක් තිබෙන බවත් එම නඩුවලින් එක් නඩුවක් කාන්තාවකට ලිංගික අතවර කිරීමත් අනෙක් නඩු හතර පුද්ගල පහරදීම් වේ. මෙහිදී එක් පාර්ශවයක් නිර්දෝශී යැයි ප්‍රකාශ කළ නොහැකි බවත් දෙපාර්ශවයටම නඩු පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පුද්ගල පහරදීම් නඩු හතරෙන් එක් නඩුවක් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන චමින්ද පුෂ්ප කුමාර නොහොත් පුල්යාර් චමින්දව කඩුවකින් කපා තුවාල සිදුකිරීමයි.