විමල්ගේ අසෝභන හැසිරීමට දඩුවම් ලැබෙන ලකුණු – වරප්‍රසාද කමිටුව 11 රැස්වෙයි. (වීඩියෝ)

පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවේදී,මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංශගේ හැසිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සදහා ලබන 11 වන දින පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව රැසිවී මෙම කරුණ සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. යම් හෙයකින් මෙහිදී විමල් වීරවංශ වැදිකරු වුහොත් ඔහුට ඒ සදහා දඩුවම් නියම කිරීමට නියමිත බවද වාර්තාවේ.

ඒ අනුව දෝෂාරෝපණය, තරවටු කිරීම මෙන්ම නිශ්චිත කාල සීමාවක් දක්වා පාර්ලිමේන්තුව තහනම් කිරීමටද සිදුකළ හැකි බවත් පැවසේ. විමල් වීරවංශට මීට පෙරද කතානායකවරයා දැඩි අවවාද කර ඇති අතර එම නිසාම මෙවර එහුට යම් දඩුවමක් නියමවනු ඇතැයි ප්‍රකාශවේ.

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය  සම්බන්ධයෙන් පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වූයේ මහින්ද පිලේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ සටන් පාඨ කියමින් විරෝධතාවයක නිරතවු අතර එහිදී අශෝභන වචන භාවිත කළ බවටත් සෙංකෝලය ගැනීමට උත්සාහ බවටත් චෝදනා එල්ල වූ අතර කතානායකවරයා විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරු හට දැඩි ලෙස අවවාද කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනයක් පහතින්..

පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ හැසිරීම…

පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ හැසිරීම…! We report … You decide …

Posted by ColomboXnews on Saturday, 7 July 2018