සෞදි කාන්තාවන් සුක්කානම අතට ගනී

මෙතෙක් පැවති තහනම ඉවත්වීමත් සමග සෞදි කාන්තාවන් ඊයේ සිට සුක්කානම දෑතට ගත්තේය. ඒ, මානව හිමිකම් ක්‍රියාකාරින් හා සංවිධාන සෞදි කාන්තාවන්ට රිය පැදවිමේ අවසරය ලබා ගැනිම සඳහා කළ දීර්ඝ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය.මෙතෙක් කාන්තාවන්ට රිය පැදවීම තහනම් වූ ලොව එකම රට සෞදි අරාබියයි.

ලොව රිය පැදවීමට අවසර හිමිනොවූ එකම රට ලෙස ඉතිහාසගතව සිටි සෞදියේ කාන්තාවන් අදාළ තහනම ඉවත් වීමත් සමග එහි සතුට සමරන අයුරු කැමරා කාචවල සටහන්ව තිබුණි.

සෞදි අරාබිය යනු ලෝකයේ කාන්තාවන් මත දැඩි සීමාකිරීම් පැනවූ රටවලින් එකකි. අයිතිය ලාබා දීමෙන් පසුත් මේ වන විටත් ඒ සඳහා මූලික වූ මෙන්ම සටන් කිරීමේ වරදට අඩංගුවට ගත් කාන්තාවන් දඬ්වම් විමින් සිටී.

කාන්තාවන්ට මෙම අයිතිවාසිකම ලබා දුන්නද කාන්තාවන් සඳහා රිය ධාවනය ඉගෙනීමට යන වියදම පිරිමින්ට මෙන් හය ගුණයකින් වැඩි වීම සම්බන්ධවද මේ වන විට කාන්තා අයිතිවාසිකම් සංවිධානවල අවධානය යොමු වී ඇත‍.

ඔවුන්එය හඳුන්වන්නේ කාන්තාවන් රිය ධාවනයෙන් ඈත් කොට තැබීම සඳහා සහ අයිතිවාසිකම් සීමා කිරීමට ගන්නා තවත් උත්සහයක් ලෙසටයි.

කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඉවත් කිරීමේ ඉතිහාසගත සිදුවීම තේමා කරගනිමින් නැනෝ රීස් නැමති සිරියානු ගායිකාවක විසින් ගීතයක් ද නිර්මාණය කර තිබුණේ ඔවුන් ලැබූ ජයග්‍රහණය තවත් අරුත් ගන්වමිනි.

කාන්තාවන්ට රිය ධාවනය සඳහා අයිතිය ලබා ගැනීමට මෙතෙක් සිදු කළ සටන් රැසකි. 1990 වසරේදී කින්තාවන් 40 දෙනෙකු සෞදිආරාබියේ අගනුවර රියාද් හී දී අවසරයෙන් සියල්ලන්ට පෙනෙන ලෙස රිය පදවාගෙන යන ලදී.

ඒ තමන්ට පැවති තහනමට විරුද්ධවයි. 2007 වසරේදී වජේහා අල් හයිඩර් නැමැත්තිය විසින් කාන්තාවන්ට රිය ධාවන අයිතිය සම්බන්ධව චිත්‍රපටයක් නිර්මාණය කළ එය අන්තර්ජාලය ප්‍රසිද්ධ කළාය. එහි ඇතුලත් වූයේ ඈ විසින්ම රිය පදවමින් යන ආකාරයයි.

මෙම උත්සහයන් සමග තවත් කාන්තාවන් සිය ගණනක් සිය අයිතිවාසිකම ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටීම ආරම්භ කළෝය.

එහි ප්‍රතිපලයක් ලෙස ද ඔවුන් සිය අයිතිවාසිකම ලබා සිටියද මේ වන විටත් ඒ නිසා අත් අඩංගුවේ පසුවන්නන් සදහා අවශ්‍ය පියවර ගැනිම ගැන සෞදි රජය නිහඬය.

Many Saudi women have been jubilant at the forthcoming change to their country's law