ඇමරිකාවේ පුවත් පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක් – පුද්ගලයින් 5ක් මියයයි.

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පුවත්පත් කාර්යාලයක සිදු කළ විවෘත වෙඩි තැබිමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති අතර තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.පොලිසිය පවසන්නේ “කැපියල් ගැසට්” පුවත්පත් ආයතනයේ ප්‍රවෘත්ති කාර්යාලය වෙත එහි වීදුරු දොර හරහා එම වෙඩි තැබිම සිදු කර ඇති බවයි. වාර්තා වේ.

වෙඩි තැබිමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. එම වෙඩි තැබීමට සම්බන්ධ මේරිලන්ඩ් හි 30 හැවිරිදි සුදු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එම ගොඩනැගිල්ලේ රැඳී සිටි 170ක පමණ පිරිස ආරක්ෂිතව ඉන් ඉවත් කර ඇති බවද පොලිසිය සඳහන් කර ඇත. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ප්‍රවෘත්ති කාර්යාලයේ 20 දෙනෙකු පමණ ඉඳ ඇති බව සඳහන්.

අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වූ මෙම ප්‍රහාරය හමුවේ කැපියල් ගැසට් පුවත් පතේ ප්‍රධාන කතෘ ජිමි ඩිබට්ස් සිය ටිවිට් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ එම සිදුවීම විනාශකාරී හා හදවත සසල කළ සිදුවීමක් හෙයින් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීමක් හෝ සාකච්ජාවක් ඉල්ලීම නොකරන ලෙසයි.. ඒ ගැන කතා කිරීමට තරම යහපත් මානසික තත්ත්වයක නොමැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ප්‍රහාරකයා ජැරඩ් රැමෝස් නම් පුද්ගලයෙකු වන අතර පුවත්පත් ආයතනයට විරුද්ධව 2012 වර්ෂයේදී නඩු කියූ අයකු ලෙස හඳුනාගෙන ඇත. පොලිසිය පවසන්නේ ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි. මෙය පුවත්පත් ආයතනය ඉලක්ක කර සැලසුම් සහගතව සිදුකරන ලද ප්‍රහාරයක් බවද පොලිසිය පවසයි.

“ද කැපිටල්” නම් දිනපතා පුවත්පත ද ඇතුළුව පුවත්පත් ගණනාවක් පල කරන කැපිටල් ගැසට් ආයතනය 1884 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි.