ඕස්ට්‍රේලියාවේ සිටින දූවරුන් තිදෙනා බැලීමට ප්‍රසන්නගේ බිරිඳගේ විදේශ ගමන් පත්‍රය මුදා හැරේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන මොරීන් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය ඇය වෙත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කළේය. ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන  සිය දූවරුන් තිදෙනා බැලීම සඳහා වීසා ලබා ගැනීමට ඉදිරිපත් සඳහා සිය විදේශ ගමන් බලපත්‍රය ලබා දෙන්නැයි ඇය කළ ඉල්ලීමක් අනුව මෙම අවසරය හිමී විය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 440ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව ප්‍රසන්න රණතුංග මහතාට සහ මොරීන් ස්ටෙලා රණතුංග මහත්මියට කොළඹ මහාධිකරණයෙන් විදේශගත විමේ තහනමක් පනවා තිබුණී.